වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඔක්තෝබර් 04 වන දින කොළඹ උතුර කොට්ඨාස අපරාධ විරම්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මරදාන පොලිස් වසමේ අබේසිංහාරාම මාර්ගයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශයේදී සැප්තැම්බර් මස 06 වන දින මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර අපරාධයට සම්බන්ධ යතුරු පැදියේ පැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.