විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට වට්ස්ඇප් මාර්ගයෙන් තර්ජනය කළැයි අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැරීමට මහනුවර මහෙස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා ඊයේ (06දා) නියෝග කළේය.
එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රුපියල් 10,000ක මුදල් හා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.
2025.07.06 වැනිදා තමාට එකී තර්ජනය කළ බවට ප්‍රියන්ත ජයකොඩි මහතා කර තිබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ තම දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකර එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය. එම සැකකරු කෙහෙල්බද්දර පද්මේ නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් එසේ තර්ජනය කර ඇත්තේ ප්‍රියන්ත ජයකොඩි මහතාගේම ඉල්ලීම මත බව ද එම සැකකරු කළ පාපොච්චාරණයක් අනුව ප්‍රියන්ත ජයකොඩි මහතාව අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකාර ප්‍රියන්ත ජයකොඩි මහතා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයේ පිහිටි