උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට පැමිණි එකඟතාවට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.
එම නඩු පැවරීමට අදාළ සහතික ඊයේ(27) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේ.
නඩුවේ වගඋත්තතරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇති බව සඳහන්.