පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් ඊයේ කොළඹ වරායට පැමිණියා.
එහිදී විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණා.
කළාපීය සහයෝගිතාවය, ස්ථාවරත්වය සහ අන්තර්ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ මුහුදු මංකොල්ලකෑම් ඇතුළු සමුද්‍රීය ත්‍රස්තවාදය සහ අපරාධ සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමේ අරමුණින් ‘අමාන්’ බහුපාර්ශවික අභ්‍යාසය පාකිස්ථානු නාවික හමුදාව විසින් 2007 වර්ෂයේදී ආරම්භකර තිබෙනවා.
ඒ අනුව, 2025 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වාපාකිස්ථානයේ කරච්චි අගනුවර සහ අරාබි මුහුද කේන්ද්‍ර කරගනිමින් පැවති අමාන් – 2025 බහු පාර්ශවික අභ්‍යාසය සඳහා රාජ්‍යයන් 11ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක්, සබ්මැරීන 02ක් මෙන්මගුවන් යානාද එක් වුණා.