වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අමාත්‍යාංශයට අදාළව 2025 වසර සදහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබද සමාලෝචනයක්ද මෙහිදී සිදු කර තිබෙනවා.
මෙවර අයවැයෙන් මෙම ආයතනවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැටලු හා ඉදිරි සැලසුම් පිළිබද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡා කෙරුණා.
පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ මෙහිදී අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වුනේ.
ඒ සඳහා වාණ්ජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාදිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කර ඇත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සදහා සැලැස්මක් සකස් කරන ලෙසයි.
තේ හා රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන්ද සොයා බලා තිබෙනවා.
උණුසුම් පුවත්
- ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් මස 11 වැනි දා
- සුරාබදු දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකු අත්අඩංගුවට
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් වෙයි
- කොටුව රේගු මූලස්ථානයෙන් හමු වූ දේ
- ගිනි අවිය තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සුරාබදු නිලධාරීන් පහක් CID අත්අඩංගුවට
- වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්
- බගවන්තලාවට මල් තුහින පතිත වෙයි













