වන සතුන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදු වන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව සඳහන්. වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර, කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සහිත ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ එය ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික සහ මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවයි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ. එමෙන්ම වන ජීවීන්ට, වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවත්, විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
- කාළගුණයෙන් රතු එලි
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි












