වන සතුන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදු වන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව සඳහන්. වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර, කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සහිත ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ එය ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික සහ මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවයි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ. එමෙන්ම වන ජීවීන්ට, වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවත්, විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














