කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුළු තුන් දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර අද(01) සිදුව තිබෙනවා.
ඒ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දුම්රිය හරස් මාර්ගයේදීයි.
පොලිසිය කියා සිටියේ වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා දමා ඇති දුම්රිය ගේට්ටුව ක්‍රියා නොකිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් මව පියා සහ වයස අවුරුදු හතරක ගැහැනු දරුවෙක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.