ජාතික ලාදුරු සමුළුව අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා.
ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීමටයි මෙහිදී කටයුතු කෙරුනේ.
ඒ ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ අරමුණින් යුතුවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් මෙය සංවිධානය කර තිබෙනනවා.
ඒ අනුව ජාතික ලාදුරු සමුළුව අද සහ හෙට දෙදින කොළඹදී පැවැත් වෙනු ඇති.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුවද, එම ගමන තවමත් අවසන් වී නොමැති බවයි .
නව රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා .
ඒ අනුව, වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ .
මේ අතර අලුතෙන් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 40%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් මෙහිදී අනාවරණය වුණා .
එමෙන්ම මඩකලපුව, ගම්පහ, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් සැලකිය යුතු ප්‍රමාණවලින් වාර්තා වන බවත් අනාවරණය කරනු ලැබුවා.










