Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක්

    ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක්

    2024-03-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණ. මෙම යාන්ත්‍රණය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම පාරිභෝගිකයාගේද ඒකාබද්ධ සහයෝගීතාවයෙන් සකස් කිරීමට සැලසුම් කර තිබෙයි. මේ සඳහා මූල්‍යමය දායකත්වය යුරෝපා සංගමය ලබා දෙන අතර තාක්ෂණික සහය හා සම්බන්ධීකරණය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සිදු කරයි.

    කර්මාන්ත අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම යාන්ත්‍රණය සකස් කිරීමේ මූලික හවුල්කරුවන් වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, වෙළෙඳ අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පුද්ගලික ආයතන ඇතුළු ආයතන රැසක් මෙහි සක්‍රිය හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් ආහාර නාස්තිය අවම කිරීම, ආහාරවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම ඵලදායී ආහාර පාලන පද්ධතියක් ඇති කිරීමට හැකියාව ලැබෙයි. ගොවිපලේ සිට කෑම මේසය දක්වා ආහාරවල තත්ත්වය හා ගුණාත්මක බව පාලනය කිරීම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂා කෙරේ.

    මෙම සම්මන්ත්‍රණය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ආහාර ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඍජුවම බලපාන බවත්, ආහාර සුරක්ෂිතභාවයේ ගැටළු නිසා වාර්ෂිකව ලොව පුරා මිලියන 600 කට අධික පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්වන බව පැවසීය. සෞඛ්‍ය සම්පන්න රටක් ඇතිකිරීම සඳහා නිවැරදි ආහාර සංස්කෘතියක් රට තුළ පැවතිය යුතු බවත් ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට දායකත්වය ලබා දෙන යුරෝපා සංගමයට , එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට හා ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තුතිය පළ කරන බවත් ප්‍රකාශ කළේය. එසේම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

    ආශ්‍රීත පුවත්:  මෙන්න තවත් බාල්දියක්! සජබ සියලුම මන්ත්‍රීධූර අහෝසිද? මෙන්න ඇත්ත (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තකාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසා පිළිබද පැමිණිලි 1077 ක්
    ඊළඟ පුව​ත විදෙස් ශ්‍රමිකයන්ට සිදුවන අවදානම් දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක්

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group