ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
ආජන්ටිනා ජනරජය , සිම්බාබ්වේ ජනරජය , ඊශ්‍රායලය , පිලිපීන ජනරජය ,ටජිකිස්තාන ජනරජය , කාම්බෝජ රාජධානිය සහ ඩෙන්මාර්ක් රාජධානිය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිනවා.
නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා , නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති ස්ටෙලා න්කොමෝ මහත්මිය , නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති රූවෙන් හවීයර් අසාර් මහතා නව තානාපති වරුන් ලෙස සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
මීට අමතරව ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති නිනා පී. කයින්ග්ලට් මහත්මිය , නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා, නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති රත් මැනි මහත්මිය සහ නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතාද නව තානාපතිවරුන් ලෙස මෙහිදී අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
- එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
- ගොවීන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්චාවක්
- අයහපත් කාලගුණය තවදුරටත් – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
- රටම එකට, විෂ මත් ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහට සංගීත්ගෙන් ඉල්ලීමක් -VIDEO
- මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට
- යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට













