රුසියාවේ සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ අධිවේගී මාර්ගයක පාලමක් දුම්රිය මාර්ගයට කඩාවැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පාලම කඩා වැටන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන්කරමින් තිබී ඇති අතර පාලමත් සමග එහි ගමන් කළ ට්‍රක් රථ කිහිපයක් ද දුම්රිය මතට පතිත වී තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මුදා ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙන අතර දුම්රියේ ගමන් කළ මගීන් බේරාගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කෙරෙන බව රුසියා බලධාරීන් පවසනවා.