ඊයේ (09) වන දින රාත්‍රී මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 31 ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.