
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එස්.ඒ.නිමල් සරණතිස්ස මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් ලෙස බී.සනත් පූජිත, ඊ.ආර්.වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ.එම්.ආර්. ජයසුන්දර, ඊ.ඒ.පී.එන්.එදිරිසිංහ, සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ භාරදෙන දී තිබුණා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ධූර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති සාමාජික ධූර වෙනුවෙන් අදාළ පත් වීම් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.














