රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසනවා.
පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවාගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව ද අමාත්‍යවරයා සදහන් කළා.
එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














