හලාවත ප්රදේශයේ රුපියල් ලක්ෂ 15ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සිදු කළ විමර්ශනයේදී සොරකම් කරන ලද රන් මාල 02ක්, රන් පෙන්ඩන් 01 සහ කරාඹු ජෝඩුවක් සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකාරිය 41 හැවිරිදි වියේ සහ සැකකරු 45 හැවිරිදි වියේ පසුවන හලාවත ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.