රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් මෙසේ කටයුතු කර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.
එමෙන්ම මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට එම අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම ජාවාරම සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි