2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.
මෙම තරගාවලියේ තුන් වැනි අදියර ජර්මනියේදී පැවැත්වීමට නික්‍යමිතයි.
එහිදී ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් දෙවන තරඟයෙන් තුන් වැනි ස්ථානයට පත්වීමට සමත් වුණා.
වට දහ අටකින් සමන්විත මෙම තරගයේදී දස වැනි ස්ථානයේ සිට තරගය ඇරඹු යෙවාන් ඩේවිඩ්ට තියුණු සටනකින් පසු තුන් වැනි ස්ථානය දිනා ගන්නට හැකියාව ලැබුණා.
මෙම ජයත් සමග යෙවාන් ඩේවිඩ් අදියර අටකින් සමන්විත යුරෝ ෆෝර්මියුලා වන් තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 138 කට හිමිකම් කියමින් වීමද විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- නවගමුවේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි
- නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
- බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්්‍ය බලයෙන් ක්‍රියාකරන යාත්‍රා යොදා ගැනේ
- යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්











