
යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්‍රේනය විසින් රුසියාව වෙතට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග ඇතුළු යුධමය පහසුකම් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබෙන්නේ.














