මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රේල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද(30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වැනිදා කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේදී අත්අඩංගුවට ගැනුණා.
ඒ නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකට අදාළවයි.
පසුවි ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර බර සහතිකය ලබාගෙන ඇති බවටයි.
අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට ඊ තත්ත්වයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරපිත් කිර තිබූ චැසි සංශෝධන ගොනුව සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබාදෙමින් එම රථය ව්‍යාජ ලෙසඑ කලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබල දී ඇති බවට චෝදනා එල්ල වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.














