සිය අස්වැන්න නෙලන සමය වනවිට නිසිමිලක් නොමැති වීමෙන් බඩඉරිඟු ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව කැබිතිගොල්ලෑව, පදවිය සහ මැදවච්චිය බඩඉරිඟු ගොවීන් පවසනවා.
මේ වනවිට බඩඉරිඟු බීජගැනීමේ සිට අස්වැන්න නෙලාගැනීම දක්වා ඇති නිෂ්පාදන වියදම, ශ්‍රම කුලී දෙස බැලූවිට බඩඉරිඟු කිලෝවකට රුපියල් 140 ක් 150 ක මුදලක් ලබා දියයුතු බව ගොවීන් පවසනවා.
මෙරටට ආනයනය කරමින් බඩඉරිඟු ඇට ත්‍රීපෝෂ සහ අනිකුත් ආහාර නිෂ්පාදනය කරන රටක් ලෙස නම් දරා ඇති අප රටේ පොලෝ තලයෙන් ලැබෙන සම්පත් රටට ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කරගනිමින් ගබඩාකර ගැනීමට සැලසුම් නොමැතිකමත් ලැබෙන අස්වැන්නට වැඩි මිලක් ලබා දී ගොවියා ශක්තිමත් කරමින් දේශීය ගොවීන්ගේ අස්වැන්න රටට ප්‍රමාණවත් පරිදි ලබාගැනීමේ ක්‍රමවේදයක් නොතිබීම අපගේ අවාසනාවකි. එයට කදිම සාක්ශියක් ලෙස මෙම සිදුවීමත් නම්කළ හැක.
ඒ පිළිබඳ අදහස් දැක්වූ සී. සිරිසේන ගොවිමහතා,
මේවන විට ගොවීන්ගෙන් ගැණුම්කරුවන් බඩඉරිඟු කිලෝවක් අමුවෙන් රුපියල් 80ටත් වියලීමෙන් පසුව රුපියල් 110 ක් වැනි මිලකටත් තමයි මිලදී ගැනීම සිදුකරන්නේ. ඒක ලොකු අසාධාරණයක්. නමුත් කියන්නේ 130 -135 ට බඩඉරිඟු ඇට මිලදී ගන්නවා කියලා තමයි. නමුත් අපි ගොවියෝ. ගොවියන්ගෙන් නම් ගන්නේ තුට්ටු දෙකට.
මෙවැනි අසාධාරණකම් හමුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශීය ලේකම්බල ප්‍රදේශයේ මැදවැව, කෝලිබැන්දවැව, ගුරුහම්මිල්ලෑව, ගෝණමැරියාව, කඳුරුවැව යන ගම්මානවල අකක්ර 1000ට ආසන්න වගා සිදුකළ බඩඉරිඟු ගොවීන් සිය අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් අලෙවිකිරීම සිදු කරන්නැතිව ඉන්නවා.
ඒවා ගබඩා කරගනිමින් නිසි මිලක් ලැබෙනතුරු මමත් ඉන්නවා.
ණය බර වැඩියෙන් තිබෙන ගොවීන් සිය අසරණ කම් මත තුට්ටු දෙකට සිය අස්වැන්න විකුණනවා. කරන්න දෙයක් නැතිකමින්. එය ගොවීන්ට සිදුවන මහත් අසාධාරණයක්.
බඩඉරුගු ඇට කිලෝ 20,000ක් අලවි කර ගැනීමට නොහැකිව මා ලඟ නිසි මිලක් එනතුරු තබාගෙන සිටිනවා.
මේවන විට වෙනදා මෙන් ගැණුම්කරුවන් පැමිණ අඩු මිලකට බඩඉරිඟු මිලදී ගැනීම සිදුකරමින් සිටනවා.
නිෂ්පාදන වියදම ශ්‍රම කුලී බැලූ විට බඩඉරිඟු කිලෝවකට රුපියල් 140 ක් 150 ක මුදලක් ලබා දිය යුතුයි කියන මතයේ අපි ඉන්නේ. බලධාරින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
පී.සෙනවිරත්න මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.
මෙවැනි අසාධරණකම් අසවැන්න නෙලන සමයේ එදා සිට මේ දක්වා ගොවීන්ට සිදු වෙනවා.
අමුවෙන් බඩඉරිඟු ඇට කිලෝවක් රුපියල් 80ටත් වියලි ඇට කිලෝවක් රුපියල් 110ටත් තමයි මේ ප්‍රදේශවල ගොවීන්ගෙන් ගැණුම්කරුවන් ගන්නේ.
මේ මිලට අපට ණය වෙලා කරපු අස්වැන්න දෙන්න බැහැ. ණය ගෙවන්නවත් මුදල් ප්‍රමාණවත් නැහැ සමහර ගොවීන්ට.
ඒ නිසා අපට සාධාරණයක් කරන්න කියන ඉල්ලීම බලධාරින්ගෙන් ඉල්ලනවා.














