Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියට ස්පා එපා – මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්

    මැදවච්චියට ස්පා එපා – මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්

    සජිත් ගයාන් උබේපාල - මැදවච්චිය
    2023-05-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.185 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින් පවසනවා.

    එම නිසා එවැනි මධ්‍යස්ථාන සඳහා අවසර ලබානොදීමට කටයුතු කරන ලෙසට මැදවච්චිය ප්‍රදේශයේ බලලත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි එම ප්‍රදේශවාසින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 55,000ට ආසන්න ජනසංඛ්‍යවක් ජීවත් වනවා.

    ජනතා හිතකාමී ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවය මහජනතාව පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් මේ වන විට මෙම නගරය ඉලක්ක කර ගනිම්නි නව සම්බාහන මධ්‍යස්ථානයක්ද නැවත ආරම්භ වෙමින් පවතින බවත්  එහි හිමිකරුවන් ඒවා පවත්වාගෙන යාමට අනුමැතිය ලබා ගැනීමට මුදල් පවා වියදම් කරන බවත්  ගම්වාසීහු වැඩිදුරටත් පවසනවා.

    මහජනයාට දිවයිනේ සෑම ප්‍රදේශයකටම පහසුවෙන් ගමන් කළ හැකි කේන්ද්‍රස්ථානයක් ලෙස මැදවච්චිය නගරය නම් දරා ඇත.

    උතුර දකුණ යා කෙරෙමින් ප්‍රධාන බස් සේවාවන් රැසක් ගමන් ගන්නා මෙම නගරයේ දෛනිකව දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රාත්‍රියේ තම ගමන් පහසුකම් ලබා ගැනීමේ අරමුණින් රැදී සිටිනවා.

    මෙම පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම මධ්‍යස්ථාන ආරම්භ වෙමින් පවතින බවත් ඊට දැඩි විරෝධයක් පල කරන බවත් මැදවච්චිය ජනතාව කියා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් විමසා සිටියා.spa

    එහිදී අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ මහත්මිය මෙලෙස කියා සිටියා.

    ‘‘පූජ්‍ය පක්ෂයේ සහ ජනතාවගෙන් දැඩි විරෝධතාවයක් තිබෙනවා මෙම මධ්‍යස්ථානවලට.

    ඒ අනුව අපට තියෙන බලප්‍රකාරව ජනතා විරෝධයක් ඇත්නම් එම ව්‍යාපාරයට වෙළඳ බලපත්‍රයක් ලබාදීමට අවසරදීමේ හැකියාවක් නෑ.

    ඒ අනුව අදාල බලධාරින් දැණුවත් කිරීම මා සිදු කරනවා.”

    මැදවච්චිය නගරය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රභාත්  මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

    ‘‘මම තාම අනුමැතිය ලබා දුන්නේ නෑ.

    නමුත් අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් අනුමැතිය ලබා දෙනවා.

    සංස්කෘතිය පැත්තින් ස්පා මැදවච්චියට එපා නම්  අනිත් ඒවත් ඉවත් වෙන්න ඕන කියලයි මම කියන්නේ. 

    ඒ මධ්‍යස්ථානයට පමනක් විරෝධතාවක් එන්නේ කොහොමද..?

    ඒක මට ප්‍රශනයක්. එහෙනම් මීට කළින් ඒවත් ඉවත් කරන්න වෙනවා.

    අනික මේකට අනුමැතිය ලබා දෙන්නේ PHI විතරක් නොවේ.

    ප්‍රාදේශිය සභාව, ලේකම් කාර්යාලය, දේශිය වෛද්‍ය ආයතනය මේවට අවසර  දෙන්න ඕනේ.

    මේ ප්‍රශ්නයේදී මම බලාපොරොත්තු වෙනවා ජනතා විරෝධය එන කණ්ඩායමත් සභාවත් පොලීසියත් එකතු කරලා ස්පා එකේ පාර්ශ්වයේ පිරිසත් එකතු කරගෙන මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක දැනගන්න.

    සමහර විට මේවා පුද්ගලික ගැටුම් වෙන්නත් පුලුවන්.

    තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් ස්ථානධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා.

    ආශ්‍රීත පුවත්:  යුනිෆෝම් එකෙන් ස්පා ගිය සැරයන්

    මේ පිරිස ව්‍යාපාරය ආරම්භ කරලා දැන් ලියා පදිංචිය කරන්න ප්‍රාදේශිය සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.  ඒකට මහජන විරෝධතාවක් තියෙනවා කියලා දැණුනුවත් කරලා තියෙනවා.

    සභාවෙන් පරික්ෂණයක් කරලා  නිර්දේශයක් ලබාදෙයි.

    මේ ආයතන තුළ නීති විරෝධී දෙයක් සිදුවුණොත්, ඒ පිළිබඳ පැමිණිලි ලැබුණොත් එයට සම්බන්ධ පිරිස්  නොපමවා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා.

    ප්‍රාදේශිය ලේකම් එම්.සී.මලවිආරච්චි මහත්මියගෙන් අප මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

    මේ පිළිබඳ සාකච්ඡා කරලා බලන්න සිදු වෙනවා.

    මේ පිළිබඳව තවම අපව දැණුවත් කරලා නෑ.

    මොකද අපිට නාමය පමණයි ලියාපදංචි කරන්න තියෙන්නේ.

    අනිත් සියල්ල ප්‍රාදේශිය සභාව ඇතුලු ඉතිරි ආයතන ටික තමයි කරන්නේ.

    මෙයට අනුමැතිය ලබාදීමක් සිදු කළොත් පමණයි අපි ළඟට එන්නේ.

    medawachchiya spa මැදවච්චිය ස්පා
    පෙර පුව​තඑක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව අද යළි කැදවේ
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොසින්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group