ස්ථාන දෙකෙක සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පිටිගල සහ තිහගොඩ යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මාපළගම, කහදූව හරහා ඇල්පිටිය මාර්ගයේ නියාගම, ගල්ළිඳ දෙස සිට හොරන්ගල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක කාන්තාවක් ගැටීමෙන් එක් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල සිදුවූ කාන්තාව ගල්ළිඳ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
නියාගම තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක් වූ කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.
මෘතදේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මාතර – මිද්දෙණිය මාර්ගයේ හොරොන්දූව ප්‍රදේශයේදී හක්මණ දෙස සිට මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ආ බස් රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථයේ ගැටුණු යතුරු පැදිය පෙරලී ගොස් එම බස් රථයටම යටවීමෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තෙ වයස අවුරුදු 40ක් පමණ වූ යටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.