නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්ය නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිත මාර්ගෝපදේශ මාලාව හෙට දිනය වන විට ලබාදෙන බව මානව හිමිකම් කොමිසම පවසනවා.
එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචි හේවා මහතා සඳහන් කළේ ඒ සඳහා දිවයින පුරා පිහිටි මානව හිමිකම් කාර්යාල නිලධාරීන් වෙත මේ වන විටත් දැනුවත් කර තිබෙන බවයි.