මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා.
මෙම අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් රැඳවියෙකු මියගියා.
ඊයේ රාත්රි 10.14 ට පමණ සිදු වූ අදාළ අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 34 ක් වූ මිදිගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ ඨ හා ත් යන වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් අදාළ අනතුර සිදුවූ බවයි.