මහනුවර නගරයේ ඓතිහාසික ශ්‍රී විභූතිය රැකෙන පරිදි නගරය සංවර්ධනය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
මහනුවර නගරයේ දැනට පවතින දැඩි අපිළිවෙල බව සංචාරක ක්ෂේත්‍රයට අයහපත් ලෙස බලපාන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 52 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.