මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ජනවාරි මස 29 වන දින බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කන්ඩායමක් විසින් ගනේමුල්ල ප්‍රදේශයේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 423ක් හා මත්පෙති 3450ක් සමග අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනු බවයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සැකකාරියගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ආධාර අනුබල දී ඇති බවටත් ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පළාගොස් සිටින බවටත් වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා නීති විරෝධී ලෙසඉන්දියාවේ රැඳී සිටියදී මාර්තු මස 24 වන දින ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මාර්තු 28 වන දින මොවුන් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී එදින දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබලදීමේ වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 23 හා 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













