ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සබාවේ 2026 අයවැයද අද පරාජයට පත්ව තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කරුණාසාගර මහතා ඉදිරිපත් පත් කරන ලද අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 21ක් ලැබී තිබෙනවා.
ඒ අනුව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව තිබෙනවා.
මේ අතර අගලවත්ත ප්‍රාදේශීය සබාවේ අයවැය අද සම්මත වී ඇත්තේ මතභේදකාරී වාතාරණයක් මැදයි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 10ක් විපක්ෂව ඡන්ද 7ක්ද ලැබුණු අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභික චාමින්ද රණවක මහතාගේ ඡන්දය සභාවේ ලේකම්වරිය විසින් වැරදියට සටහන් කරගත් බවට චෝදනා කරමින් සබාවේ නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණා.
පසුව සභාවේ ලේකම්වරයා කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්ද 9ක් සහ විපක්ෂව ඡන්ද අටක් වශයෙන් හිමිවී ඇති බවයි.
ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් අයවැය සම්මත වී තිබෙනවා.













