භූමි තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305 ක්.
එමෙන්ම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134 කින් අඩු කර තිබෙනවා.
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.













