යතුරු පැදි සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මීගොඩ, වටරැක ප්‍රදේශයේදී යතුරු පැදියක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම යතුරු පැදිය කොටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව වටරැක ප්‍රදේශයේදී සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් සමග සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම යතුරු පැදියද කොටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 18 සහ 21 යන වයස්වල පසුවන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












