කෙන්යානු රාජ්‍යයේ බදු වැඩි කිරීම්වලට එරෙහිව එරට තරුණ තරුණියන් වර්ජන සහ විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා.
බදු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස වීදි බසිමින් වීරෝධතාවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ .
මෙම බදු වැඩි කිරීමේ ක්‍රියාවලිය අසාධාරණ මෙන්ම දෑරිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ .
විරෝධතා මාලාවත් සමග කෙන්යාවේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් කෙන්යා රජය විසදුමක් ලබා දෙන තුරු මෙම වර්ජන හා උද්ගෝෂණ අත්නොහරින බවයි ඔවුන් සදහන් කළේ .













