පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල කාදර්මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු විදෙසගතවීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී එහි ස්ථාපිත කර ඇති මුහුණ හඳුනාගැනීමේ දත්ත පද්ධතිය මගින් සැකකරු හඳුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුනු සැකකරු වයස අවුරුදු 25ක් පමණ වන බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවත් සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවත් පොලිසිය පවසනවා.
අදාළ සැකකරු සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා ගුවන් තොටුපොළෙ වෙත පැමිණි ඇති බවට සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.












