
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම නිවේදනයේ දක්වා ඇත්තේ මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවත්, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි.














