පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අක්මීමණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත අම්බලන්ගොඩ, වතුගෙරද ප්‍රදේශයේ නිවසක් ඊයේ(24) පස්වරවේ පරීක්ෂා කර තිබෙනවා.
එහි කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබෙනවා.
වතගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අවිය සැකකරු විසින් වෙනත් පාර්ශ්වයකට විකිණීමට සූදානම්ව සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













