හිටපු අමාත්‍යවරයෙකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. මෙම පෙත්සම එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකාර පාර්ශවයට සති දෙකක කාලයක් ලබා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් එතැන් සිට සතියක් තුළ ගොනු කරන ලෙසත් පෙත්සම්කර පාර්ශවයට නියෝග කර ඇති බවද සඳහන්.
උණුසුම් පුවත්
- පස්වෙනි සමාලෝචනය සදහා අයි එම් එෆ් නියෝජිතයින් දිවයිනට
- අවුරුදු 12 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජයෙන් පියවර
- නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්
- ගොවීන් වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කෙරේ
- එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
- PHOTO: පළමු වසරට සිසුන් භාරගැනීම අභිමානවත් ලෙස පවත්වයි
- පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය : පොලිසියේ හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන එයි










