පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගෙස් ඇති බවට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක් පමණ වූ පිංවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු සහ අසල්වැසි නිවසක පුද්ගලයෙක අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කිය සිටියා.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිංවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














