හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුන් පිරිසක් තවත් සිසුවෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සැකපිට ඊයේ(28) දින පොලිස් බාරයට ගැනුණ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා පවසනවා.
මීට සති තුනකට පමණ ප්‍රථම එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි මූළස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.
එම සිද්ධිය පාසලේදී සමතයකට පත්වීමෙන් පසුව එම පහරදුන්නේ යැයි කියන සිසුවෙකු සිද්ධිය වීඩියෝ ගතකර ඊයේ(28) දින මුහුණු පොතට එක් කිරීමෙන් පසු පහරකෑමට ලක්වූයේ යැයි කියන සිසුවාගේ මව විසින් ඊයේ(28) දින පස්වරුවේ හැටන් පොලිසිය වෙත පැමිණි සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ හැටන් පොලිසියේ නිලධාරීන් පහර දුන්නේ යැයි කියන සිසුන් තිදෙනා සැකපිට පොලිස් භාරයට ගෙන පහරකෑමට ලක්වූයේ යැයි කියන සිසුවි දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් පාසල් සිසුන් තිදෙනා අද(29) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයා මගින් සැකකාර සිසුන් තිදෙනා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදීමට පියවර ග්නනා බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.













