පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කටයුතු කළේ.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිෂන් සභාව මගින් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් විමසා සිටියා.
මෙහිදී ඇතිවු සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මැදිහත් වුණා.