බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ත් 50ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
- ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්
- දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
- කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
- ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර














