නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව ඊයේ(11) දින එම එළවළු තොගය කොළඹට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පවසනවා.
මේ අනුව ගෝවා කිලෝවක් රු. 140, කැරට් රු. 210, රාබු රු. 160, බිට්රූට්/කට් රු. 260, අර්තාපල් රු. 270, රතු අර්තාපල් රු. 290, නෝකෝල් රු. 260 ඇතුළු චීන ආහාර සඳහා භාවිත කරනු ලබන එළවළු වර් කිලෝ 73,000ක් යොමු කළ බවත් පසුගිය 10 වැනිදා එළවළු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කළ බවත් ඊයේ(11) දිනයේද එවැනිම එළවළු ඉල්ලමක් ලැබී තිබූ බවත් එහි කළමනාකාරවරයා කියා සිටියා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළෙන්ඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවළු මිලදී ගන්නා බවත් මේ දිනවල වෙළෙඳ පොලේ එළවළු සඳහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ.













