රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදු කර තිබෙනවා.
අද පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසටයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.
නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා ද පළ වුණා.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කියා සිටියේ තමන් එවැනි දෙයක් නොදන්නා බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට ලිපියක් මගින් දැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා පසුගිය කාලයේදී දැඩි විවේචනයට ද ලක් වුණා.













