විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
තරගාවලියේ 18 වන තරගය වන මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලිහිදියි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබාගැනීමට සමත් වූවා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවේ Ishan Kishanය.
හතරේ පහර එකක් සහ හයේ පහර තුනක් සමගින් ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 61ක්.
Hardik Pandya ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර හතරක් සහ හයේ පහර හතරක් ඇතුළත්.
Tilak Varma ලකුණු 25ක්ද Shivam Dube ලකුණු 23ක්ද Sanju Samson ලකුණු 22ක්ද ලබාගැනීමට සමත් වූවා.
නායක Suryakumar Yadav හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණයි.
පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Gerhard Erasmus කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Ben Shikongo, JJ Smit සහ Bernard Scholtz එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නැමීබියා කණ්ඩායමට පන්දුවාර 18.2කදී සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණයි.
නැමීබියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු Louren Steenkamp හට ලබාගත හැකි වූයේ ලකුණු 29ක් පමණයි.
Jan Frylinck ලකුණු 22ක් ලබාගත් අතර JJ Smit ලකුණු 18ක් ලබාගත්තා.
Jan Nicol Loftie-Eaton ලකුණු 13කට දැවී යද්දි Zane Green දැවී ගියේ ලකුණු 11ක් ලබා සිටියදීයි.
සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Varun Chakravarthy කඩුලු 3ක්ද Axar Patel සහ Hardik Pandya කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
Aershdeep Singh, Sivam Dube සහ Jasprit Bumrah එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස Hardik Pandya නම් කෙරුණා.














