පවතින අයහපත් කාලගුණ තත්වය නිසා ආරක්ෂාකාරී පියවරක් ලෙස නොවැම්බර් මස 26 දින සිට නැවත දැනුම් දෙන තුරු නානුඔය සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ නානුඔය සිට කොළඹ කොටුව දක්වා ලෙස සීමා කිරීම් කර ඇති බවයි සඳහන් වන්නේ.
එහි කාල සටහන පහත පරිදියි.
කොළඹ කොටුව සිට නානුඔය දක්වා (2025.11.26 දින සිට) දුම්රිය අංක 1045, කොළඹින් පිටත්වීම ප.ව. 08.30, නානුඔයට ළගා වීම පසු දින පෙ.ව. 03.49.
නානුඔය සිට කොළඹ කොටුව දක්වා (2025.11.26 දින සිට) දුම්රිය අංක 1046 නානුඔය සිටත්වීම ප.ව. 10.50 කොළඹ කොටුවට ළගා වීම පසු දින පෙ.ව. 05.59.













