Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව වසරට ජනපතිගෙන් විපක්ෂ නායකගෙන් සුබ පැතුම් 

    නව වසරට ජනපතිගෙන් විපක්ෂ නායකගෙන් සුබ පැතුම් 

    2024-01-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 නව වසරට පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

    දහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් සියලු පුද්ගලයන් සතුව තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බවද එහි සඳහන් කර තිබෙනවා.

    කෙසේ වෙතත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මෙම මාර්ගයේම තවත් ඉදිරියට යා යුතු වන අතර, එය මල් ඇතිරූ සුමුදු මගක් නොව, අභියෝගාත්මක දුෂ්කර ගමනක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

    ඒ අනුව වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කර, නව වසර සෞභාග්‍යවත් කර ගැනීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    මේ අතර මෙම නව වසරේ දී හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න ඒකායන ප්‍රාර්ථනය බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

    ජයග්‍රහණයන්ට වඩා අප්‍රමාණ පරාජයන්ගෙන් සමන්විත වූ වසරක් අවසන් වී නව වසරක් උදා වී තිබෙන බවයි එහි සඳහන් කර ඇත්තේ.

    2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් එම වසර තුල හමුවූයේ නොමැති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

    පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කරන්නේ.

    එබැවින් මූලික අරගලය විය යුත්තේ නව වසරේ නව මැතිවරණයකට මග පාදා ගැනීම බවත්, එසේ නොවන්නේ නම් තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇති බවත් එම පණිවිඩයේ සඳහන්.

    පෙර පුව​තසේදවත්තේ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට 
    ඊළඟ පුව​ත පොහොට්ටුවේ ශාන් අලුත් අවුරුද්දට සජබෙත් එක්ක වැඩ අල්ලයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group