වයඹදිග නයිජීරියාවේ තුවක්කුකරුවන් / පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව පසුගිය සිකුරාදා මෙම සමූහ පැහැරගැනීම සිදුව තිබෙනවා.
වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේයි මෙය සිදුව තිබෙන්නේ.
නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයේ අපරාධ කල්ලි මුල් බැස ගැනීමත් සමඟ මෙය ප්‍රබල තර්ජනයක් එල්ල කර තිබෙනවා.
මීට පෙරද වයඹදිග නයිජීරියාවේ සමූහ පැහැරගැනීමකදී 50 කට වැඩි පිරිසක් පැහැරගැනීමකට ලක්වුණා.
“සන්නද්ධ කොල්ලකරුවන්” සබොන් ගරින් ඩම්රි ගම්මානය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව වාර්තා වනවා.