ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම වෙත පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් වන නෙත්දුල පුතා නමැති ධීවර යාත්‍රාවකි.
එම යාත්‍රාව අද(02) උදෑසන මුහුදු ගොස් ඇති බවයි ධීවර යාත්‍රාවේ ගමන් කළ දිවිගලවාගෙන ගොඩබිමට පැමිණි ධීවරයෙක් කියා සිටියේ.
අනතුරින් දිවි ගලවා ගත් ධීවරයින් තිදෙනාම පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
අනතුරට පත් ධීවරයින් තවත් යාත්‍රාවකින් වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබෙනවා.
තමන් අල්ලා ගත් දැලත් සමගින් මුහුදේ පාවෙමින් පවතින බවයි එම බෝට්ටුවේ ගමන් කරමින් සිට ගොඩබිමට පැමිණි ධීවරයින් කියා සිටියේ.