දීපාවලී උත්සවයට නෝර්ටන්බි්‍රජ්, මිනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය සිය මවගේ සිරුර එම වතුයායේ වැවක තිබී අද(24) උදෑසන ඥාතීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මීනාච්චි වත්තේ වැවේ තිබී හමුව ඇත්තේ පලනිවේල් රාමසාමි නමැති 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරකි.
සිය මව නිවසේ නොමැති වීම හේතුවෙන් දියණිය විසින් සොයා තිබෙනවා.
පසුව සිය මව වැව දෙසට ගිය බවට එම වතුයායේ පදිංචිකරුවන් විසින් දැනුම්දීමෙන් පසු එම වතුයායේ වතු කම්කරුවන් එක්ව වැවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මවගේ සිරුර මීනාච්චි වත්තේ වැවේ තිබී හමුවී තිබෙනවා.
මෙය සිය දිවි හානි කරගැනීමක් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන නෝර්ටන්බි්‍රජ් පොලිසිය සැක කරනවා.











