දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










