නොච්චියාගම, සීරම්බාගම වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් ඇති බව නොච්චියාගම පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(03) රාත්‍රී කාලයේ නොච්චියාගම, සීරම්බාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් පසු නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 67ක් පමණ වූ 38 කණුව, මහබුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මෘතදේහය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනාව.












