පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) දිනයේත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ රට තුළ දැඩි කතාබහකට ලක්ව ඇති බහාලුම් 323ක් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ප්‍රශ්නය ඉදිරිපත් කළ අය පමණක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් මේ සඳහා කැඳවිය යුත්තේ බහාලුම් මුදාහැරී කමිටුව සහ අදාළ විෂය භාර අමාත්‍යවරයා බවයි එහිදී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.
විපක්ෂය මර්දනය කිරීමත් ආණ්ඩුවේ අයවළුන් බේරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත් කරගෙන ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද කැඳවලා තියෙනවා කන්ටේනර් 323 ගැන කතා කරන්න. අපියි කාරණාව මතු කළේ. හරි නම් CIDයට කැඳවන්න ඕන ඇමැතිවරයයි මේවා නිදහස් කරපු කට්ටුයයි… ඒ කමිටුවයි.
කමිටුවෙන් තීන්දුවක් අරගෙනත් නෑ… තනිවම නිදහස් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නය ඇදපු කට්ටියටම තමයි CIDට ගෙනල්ලා තියෙන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා…
දවස් දෙකකට ඉස්සෙල්ලත් ආවා… අදත් ආවා… මොකද හිතන්නේ මේ ගැන…
මේ CID එක ආණ්ඩුවේ CID එක බවට පත් කරලා තියෙන්නේ. පොලිසියට වෙන වැඩක් නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවට මන්ත්‍රීවරියක්ගේ මහත්තයෙක් නැත්නම් සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රාඩෝ එකක් උස්සන් ගියාමත් ගේනවා.
මොකක් හරි ප්‍රකාශයක් කරපු ගමනුත් ගේනවා. හැම එකටම CID අද පාවිච්චි කරනවා.
ආණ්ඩුවේ අයව බේරන්න. විපක්ෂය මර්දනය කරන්න. ඉතින් බලමු ඔහොම ගිහිල්ලා කොහෙන් හරි නතර වෙයිනේ.
කලකිරීමෙන්ද ඉන්නේ….
නෑ කිසි කල කිරීමක් නෑ…
ඕන තරම් එන්න කිව්වත් යනවා
අයියෝ අයියෝ නීතියට අපි ගරු කරන්න ඕන. හැබැයි නීතිය දැන් අද නමමින් තියෙන්නේ. බලමු අපි කොයි තරම් නමන්න පුළුවන්ද කියලා. ඔය වැඩේ කලිනුත් කළා. ඒකටත් අපි සූදානම් වෙමු.
සාක්ෂි දෙන්න සූදානම්ද?
ඔව් අනිවාර්යයෙන්ම…