චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය දෙදින තුළ චීන-අමෙරිකා දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රතිචාරය ද තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබෙනවා.
චීන-අමෙරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී, භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙහිදී චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදු අවධානයට ලක්වන ගැටලු පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ඇති බවයි සදහන් වන්නේ. .
දෙරටේ නායකයන් පසුගිය ජූනි මස දී දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් කටයුතු කළ යුතු බව He Lifeng මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.